මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News