පරිසර හිතකාමී මැණික් කර්මාන්තය සඳහා බලපත්‍ර දෙනවා

Share

පරිසර හිතකාමී ලෙස මැණික් කර්මාන්තය සඳහා බලපත්‍ර ලබාදීමට තමා කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ  ඊයේ පස්වරුවේ ඇහැළියගොඩ සතිපොල භූමියේ පැවති ජන හමුවකට එක්වෙමින්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනරැලියක් ඊයේ (14) පස්වරුවේ ඇහැලියගොඩ නගරයේදී පැවැත් විය.

එහිදී ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයක්.

Read more

Local News