දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Share

අහුංගල්ල පොලිස් වසමේ අහුංගල්ල පාතේගම දුම්රිය හරස් මාර්ගය අසල දී ‍දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(14) සවස 4.35 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වු දුම්රියේ මෙම කාන්තාව ගැටී තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 75 ක් වු අම්පේ පාර, අහුංගල්ල ලිපිනයේ පදිංචි ගෝනපිනුවල විතානගේ සුනිල් නෝමා යසවතී නැමැත්තියක් බව පොලීසිය පවසයි.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News