හිටපු ආරක්ෂක ලේකම් ජනපති කොමිසම හමුවට

Share

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනි සිටින ලෙස දැනුම් දී තිබේ.

ලබන 18 වන දින පෙරවරු 9.30ට හේමසිරි ප්‍රනාන්දු මහතාට කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව ජනාධිපති කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හේමසිරි ප්‍රනාන්දු මහතාට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මාර්ගයෙන් අදාළ දැනුම්දීම අද(15) දිනයේ සිදුකිරීමට නියමිතයි.

මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා 2016,2017 කාලය තුළ දී මහජන බැංකුවට පරිගණක ලබාගැනීමේ දී සිදුවු මූල්‍ය සංචාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව ඔහුගෙන් සාක්ෂි සටහන් කරගැනීමට නියමිතව ඇති බව ජනාධිපති කොමිෂන් සභාව සඳහන් කළේය.

Read more

Local News