කොටකෙතන ද්විත්ව කාන්තා ඝාතනයේ ඝාතකයාට මරණ දඬුවම

Share

කොටකෙතන කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ නයනා නිල්මිණී හා කාවින්ද්‍යා චතුරංගි නැමැති මව හා දියණිය ඝාතනය කිරීමේ සිදුවීමේ චෝදනාවන්ට වරදකරුවූ ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා විසින් මරණ දඬුවම නියම කළේය.

කිසිඳු ඇසින් දුටු සාක්ෂියක් නොමැතිව පරිවේශනීය සාක්ෂි මත ඉදිරියට ගෙන ගිය මෙම නඩුවේ චෝදනා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මාලි කරුණානයක මහත්මිය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පුකර ඇති බව සඳහන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට මරණ දඬුවම නියම කළේය.

Read more

Local News