සජිත් පොළොවේ පයගසා ජිවත් වන නායකයෙක්

Share

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යනු සැබැවින්ම පොළොවේ පයගසා ජිවත් වන තරුණ නායකයෙකු බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ (14) පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදි අදහස් දැක්වු අමාත්‍යවරිය පැවසුවේ සජිත් ප්‍රේමදාස යනු සැහැල්ලු තරුණ නායකයෙකු බවයි.

එසේම ඔහු ජනාතාවගේ ගැටළු නිවැරදිව වටහා ගත් පුද්ගලයෙක් බවද අමාත්‍යවරිය සඳහන් කළේය.

කෙතරම් චෝදනා එල්ල කළද හම්බන්තොට වරායේ කිසිදු කොටසක් විදේශික රටවලට විකුණා නොමැති බවද අමාත්‍යවරිය එහිදි අවධාරණය කරයි.

පසුගිය ආණ්ඩුව විසින් කොළඹ පෝට් සිටි ප්‍රදේශ චීනයට විකුණා තිබු බවත් එයට නැවත බෙරා ගත්තේ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීම මත බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News