හිටපු හමුදාපති හමුදාවටම බනිනවද ?

Share

සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කලහොත් අගමැතිවරයා කවුද යන්න කියා ගැනීමට නොහැකි වී තිබෙන බවත් එහෙත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සරත් ෆොන්සේකා මහතා පත්කරන බවට ප්‍රකාශ කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙසට පත්කරන බවට සිදුකල ප්‍රකාශය නිසා පොලිසිය කකුල් වෙවුලා සිටින බවත් හමුදාවටම බනින හිටපු හමුදාපති ආරක්ෂක ඇමති කරන බවට කළ කතාව කොතරම් වැදගත්ද කියා සිතිය යුතු බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මෙම ප්‍රකාශය නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදීමට සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාගේ ඡන්දයත් නැතිවන බවද පවසා සිටියේය.

Read more

Local News