ජනපතිවරයෙක් බිහිවෙන්න සුළු ජාතික ශක්තියත් අවශ්‍යයි

Share

සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් පමනක් මෙරට තුල ජනාධිපතිවරයෙක් බිහි වි නොමැති බවත් ඉදිරියෙදී බිහි නොවන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

ඒ සඳහා සුළු ජාතික ශක්තියක් අවශ්‍යම බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති ජන හමුවක් අමතම්න්.

එම නිසා සුළු ජාතික ඡන්ද ලබා ගැනීම සඳහා විවිධ උපක්‍රම යෝදමින් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

2015 වසරේදි අළුත්ගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ ශක්තියෙන් පසුගිය ආණ්ඩුව පරාජ කළ සේම වර්ථමානයේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජ කිරීම සඳහාද මුස්ලිම් ජනතාවගේ ශක්තිය අවශ්‍ය බව මන්ත්‍රීවරයා පවසයි.

Read more

Local News