මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News