ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 25 එළිදකී

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 25 වනදා එළිදැක්වීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසයි.

ඊයේ(15) පස්වරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකබද්ධ විපක්ෂයට ගොනු වී සිටින පක්ෂ සියල්ල එක්ව බිහිකරන නව සන්ධානය ඔක්තෝම්බර් මස 31ක් වන දා එළිදක්වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණ අතර ඇති සමගිය කැඩීම සඳහා කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක වන බවත් හූ කියන පුද්ගලයන් ගැන විමසිල්ලෙන් සිටිය ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සහ ඒකාබද්ධ විපක්ෂයට සහාය පල කරන පක්ෂ වල නායකයන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ හමුවුණේ විපක්ෂ නායක නිල නිවසේදීයි

Read more

Local News