මගේ ව්‍යායාමය බදු බරින් ජනතාව නිදහස් කරන්නයි

Share

තමන්ගේ ව්‍යායාමය ජනතාව බදු බරින් මුදා ගැනීම බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නාරම්මල සතිපොල භූමියේ පැවති ජනහමුවකට එක්වෙමින්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජනහමු මාලාවේ තවත් හමුවක් ඊයේ පස්වරුවේ නාරම්මල සතිපොල භූමියේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“ඓතිහාසික දඹදෙනි පුරවරයේ ඔබ නැවතත් මේ රටේ පොඩි මිනිසා රජ කරවන යුගය නිර්මාණය කරන්නට සජිත් ප්‍රේමදාසට ශක්තිය ලබා දෙන බව මම තරයේ විශ්වාස කරනවා.

කර්මාන්ත ශක්තිමත් කිරීම තුළින් දඹදෙණි බල ප්‍රදේශය ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට මම කටයුතු කරනවා.

ඔබගේ ශක්තියෙන් රටේ ජනාධිපති වෙනවා කියන්නේ පොඩි මිනිහට සවන් දෙන්නට ඕනෙ. සාමාන්‍ය ජනතාවගේ දුක, කඳුල, වේදනාව හඳුනාගන්නට ඕනෙ.

මම ජනාධිපති වුණු වහාම කාබන් බද්ද ඉවත් කරනවා, පරිසරය ආරක්ෂා කරන්න ඕනෙ. ඒත් පොදු ජනතාවගේ කරපිට බදු බර වැඩි වෙලා, උහුලන්න අමාරුයි, හුස්ම ගන්න අමාරුයි, ඔක්සිජන් නතර කරහම පොදු ජනතාව මරණ මංචකය කරා යනවා.

මගේ ව්‍යායාමය පොදු ජනතාව මරණ මංචකයට ගෙනියන්න නෙවේ. ඒ අරමුණ තියෙන්නේ මගේ ප්‍රතිවාදියාට.මට නෙවේ.

16 වනදාට ජනතාවගේ දුක දන්න නායකයා පත් කරහම අසහනයට පත් වෙච්ච, බදු බරින් මිරිකිච්ච, ජන ජීවිතය මේ මහා බදු බරින් නිදහස් කරන්න අපි ඇප කැප වෙනවා.”

Read more

Local News