අගමැතිව දූෂණ වංචා සෙවිමේ කොමිෂම හමුවට

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබන18 වනදා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.

මීට අමතරව අමාත්‍ය දයා ගමගේ මහතාට ද එදින කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමේදී රජයට සිදුවූ බව කියන පාඩුවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව සාක්ෂි ලබාදුන් වීඅලෙවි මණ්ඩලයේ සභාපති එම්.බණ්ඩාර දිසානායක මහතා සදහන් කර ඇත්තේ 2015 වසරේදී වී ගබඩා කිරීම සදහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් මත්තල ගුවන් තොටුපලේවී ගබඩා කිරීම සම්බන්ධයෙන් එහි බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවයි.

ගුවන් පථයට යාබදව ගුවන් භාණ්ඩ ගබඩා තිබීම සහවායු සමීකරණ ඇතුළු විදුලි පද්ධති තිබීම හේතුවෙන් ගබඩා පහසුකම් ලබාදීම ගුවන් තොටුපල බලධාරීන් තරයේ ප්‍රතික්ෂේප කල බව ද එම්.බණ්ඩාර දිසානායක මහතා කොමිසම හමුවේ පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් දයා ගමගේ අමාත්‍යවරයා සමඟ තමන් සාකච්ඡා කළ අතර මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු මත මත්තල ගුවන් තොටුපලේ වීගබඩා කළ යුතු බවට තීරණය කර ඇති නිසා අමාත්‍ය මණ්ඩලයේ ද ඉල්ලීම මත, වී මෙට්‍රික්ටොන් 4000 කට අධික ප්‍රමාණයක් ගුවන් තොටුපලේ ගබඩා කළ බව බණ්ඩාර දිසානායක මහතා සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ද තමාට පෞද්ගලිකව කතා කර වී ගබඩා කිරීම සිදුකරන ලෙසට දන්වා සිටි බව දයා ගමගේ අමාත්‍යවරයා කියා සිටි බව වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

මීට අමතරව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා ද ඇතැම් අවස්ථාවලදී වී ගබඩා කිරීමේ කටයුතු සදහා සම්බන්ධීකරණ කටයුතු සිදුකළ බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මාස 6 ක කුලී පදනම මත ඔවුන්ගේ උනන්දු කිරීම් මත ලබාගත් මත්තල ගුවන් තොටුපල ගබඩා අංගනයේ වී ගබඩා කිරීම සදහා එහි ගොස් යතුරු භාරගන්නා තෙක් ගුවන් තොටුපල බළධාරීන්ද මේ සම්බන්ධයෙන් නොදැන සිටි බව බණ්ඩාර දිසානායක මහතා කොමිසම හමුවේ සදහන් කළේය.

මීට අමතරව ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් මත්තල ගුවන් තොටුපලේ කලමනාකරු නලින් උපුල් කලංසූරිය මහතා පවසා ඇත්තේ වීගබඩා කිරීම නිසා මේ වන විට අදාල ගබඩාවට බරපතල හානි සිදුව ඇති අතර විදුලි පද්ධතියට මෙන්ම වායු සමීකරණ පද්ධතියට ද හානි සිදුව ඇති බවයි.

අදාල සාක්ෂි පදනම් කර ගනිමින් සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කිරීම සදහා කොමිශන් සභා ආඥා පනතේ 16 වෙනි වගන්තිය යටතේ නීතිඥ නියෝජනයක් මගින් හෝ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අග්‍රාමාත්‍යවරයාට සහ දයා ගමගේ අමාත්‍යවරයාට දැනුම්දී තිබේ.

මේ අතර හෙට (17) දිනයේ ජනාධිපති කොමිශන් සභාවහමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ මහතාට සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති අජිත් ඩයස් මහතාට දැනුම්දී ඇති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

Read more

Local News