යහපාලනයේ ආබාධ තිබු බව ෆාෙන්සේකා කියයි

Share

මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරම්පරාව බේරා ගැනීමට කටයුතු කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊ‍යේ නිට්ටඹුව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමිනි.

මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරම්පරාව බේරා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයක් යටතේ කටයුතු සිදු කරන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම රණවිරුවන් වැරදි වැඩ සඳහා යොදා ගන්නේ නැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් කොළඹ ඇති කුණු ඉවත් කිරීමට, හෝ කාණු සුද්ධ පවිත්‍ර කිරීමට රණවිරුවන් යෙදො නොගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම රණවිරුවාට අවශ්‍ය වැටුප්, හා විශ්‍රාම වැටුප් ඉතා සාධාරණව ලබා දීමට කටයතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එසේම ජනතාව බලාපොරොත්තු වු ඇතැම් දේ සිදු කිරීමට නොහැකි වුයේ යහපාලනයේ ආබාධ හේතුවෙන් බවත් යහපාලනය ගෙන ඒමට වේගවත් වූවා වැඩි බවත් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read more

Local News