දීපාවලි සමරන්න වතු කම්කරුවන්ට අත්තිකාරම් මුදලක්

Share

හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයක් වන දීපවාලි උත්සවය වෙනුවෙන් මෙවර වතු කම්කරුවෙකුට රු පහලොස්දහස අත්තිකාරම් මුදලක් ලබා දිමට රජය කටයුතු කර ඇති බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසීය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුට රු දසදහසක්ද රජය මගින් රු පන්දහසක මුදලක්ද ලබා දිමට කටයුතු කරන බව අමාත්‍යයවරයා කියා සිටියේය.

ශ්‍රි ලංකා තේ මණ්ඩලය සතු මුදල් වලින් වතු සමාගම්වලට පොලි රහිතව නැවත මුදල් අය කර ගැනිමේ පදනම මත එක් කම්කරුවෙකුට රු පන්දහස බැගින් තේ මණ්ඩලය සතු මුදල් වතු සමාගම් වෙත මුදා හැරිම සදහා කැබිනට් පත්‍රිකාවක් වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල බව අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේය.

දිපාවලි උත්සව සමයේ වතු කම්කරුවෙකුට ඉතිහාසයේ මෙතෙක් ගෙවා ඇති වැඩිම අත්තිකාරම් මුදල මෙවර දිපාවලි  උත්සව සමයේ ගෙවන බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේය.

මෙවර දිපවාලි උත්සවය මෙ මස 27 දිනට යෙදි ඇත.

Read more

Local News