ලංකාවට කොකේන් ආනයනය කළ බ්‍රසීල් ජාතිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Share

කොකේන් ග්‍රෑම් 690ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන සිටි වරදකරු වු බ්‍රසීල් ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

2018.02.16 වන දින මෙම සැකකරුව කාටුනායක ගුවන්තොටුපල පරිශ්‍රෙය්දි රේගු නිලධාරින් විසින් මෙම බ්‍රසීල ජාතිකයාව කොකේන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව පරික්ෂණ කටයුතු සදහා සැකකරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරණ ලද දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ (15) දිනයේ මීගමුව මහාධිකරණය විසින් සැකකරු වරදකරු කර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත.

Read more

Local News