පවුල් ආරවුලකින් පුද්ගලයෙක් මරුට

Share

පවුල් ආරවුලක් මත යාපනය කොළොම්බුතුරෙයි ප්‍රදේශයේ හටගත් ගැටුමක් අතරතුර පුද්ගලයෙකුට පොරෝවකින් පහරදී ඝාතනය කර ඇති බව යාපනය පොලීසිය පවසයි.

ඊයේ(15) සවස මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.

පොලිසිය පැවසුවේ යාපනය මුනියන්තෝට්ටම්, 02 වන හරස්විදිය ප්‍රදේශයේ පදිංචි කේ.කොන්ස්ටන් නමැති 33 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

බහින් බස්වීමක් දුරදිග යාම‍ හේතුවෙන් ගැටුම හටගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයාට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

Read more

Local News