ගෝඨාභයගේ ජයග්‍රාහණය වෙනුවෙන් කැපවෙනවා

Share

සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරා ගෙන අවසන් බවත් ඒ අනුව ඔහු දිනවීම සඳහා කැපවී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රදාන ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂ නායකයින් ලෙස සියලූ දෙනාම එක්ව පවත්වන මාධ්‍ය සාකච්ඡාවක් අද (16) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එකතුව කොළඹ වියත් මඟ සංවිධාන කර්යාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එම අවස්තාවේදි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එළැඹෙන 19 වැනිදා බස්නාහිර පළාත් සභාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා පැවසිය.

වමේ ප්‍රගතිශීලී බලවේග සමඟ පෙළ ගැසුනු පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජතික පක්ෂයට ලං කිරීමට නොහැකි බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එක්සත් ජතික පක්ෂයයේ මුදල් හා තනතුරු වරප්‍රසාද වෙනුවෙන් ක්‍රියා කරන ඇතැම් පිරිස් පක්ෂය තුල සිටින බවද ඒ මහතා පවසයි.

ඇතැම් සංවිධායකවරු සජිත් මහතා සමඟ එකතු වු බව පැවසුවද ඒ සියළු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ පිරිස බවද මන්ත්‍රීවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයක් සදා ඇති නමුත් එයින් එවැන්නක් සිදු නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පක්ෂය සුරැකිය යුත්තේ පක්ෂය තුල සිටිමින් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඉදිරියේදී මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානය ලෙස පුටුව ලකුණින් සිය පාර්ශවය තරඟ කිරීමට සූදානම් බවද ඒ මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනි සිටින බව ද මන්ත්‍රීවරයා පවසයි.

Read more

Local News