ගෝඨාභය හා තේ කම්හල් හිමියන් හමුවෙයි

Share

වැසුණු තේ කර්මාන්තශාලා යළි විවෘත කිරීමට ඉදිරි රජයක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ කොළඹ පැවැති හමුවකට එක්වෙමින්.

දිවයිනපුරා විසිරි සිටින තේ කම්හල් හිමියන් කොළඹදී  ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් හමුවී තේ කර්මාන්තය වර්තමානයේ මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කළේය.

තේ කර්මාන්තයේ ඵලදාව වර්ධනය කර ගැනීම තුළින් ආදායම වැඩි කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බව පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා දිනකට වතු කම්කරු වැටුප 1000 දක්වා ඉහළ දැමීම සිදු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තේ කර්මාන්තය ගොඩ නැගීම රජයේ වගකීමක් බවයි.

එසේම එම වගකීම ඉටුකිරීමට පොදු ජන පෙරමුණු රජයක් යටතේ කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News