මේ මැතිවරණයෙන් පස්සේ ශ්‍රිලනිපයට මොකද වෙන්නේ

Share

ඉදිරි ජනාධිපතිවරණය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි සතිය තුළදී ඉදිරිපත් කෙරෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටට හා ජනතාවට ගැළපෙන එජාපයේ වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙම සතිය අග වන විට ජනතාවට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව ඒ මහතා කියා සිටියේය.

එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණට සම්බන්ධ වීම තුළින් සිදු වුයේ පක්ෂය දිය කර හැරීමක් බවයි.

මෙම මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තිබේදැයි සිතිය නොහැකි බවත් හැරිසන් මහතා කියා සිටියේය.

Read more

Local News