ජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටි 700 ක් දක්වා ඉහළට

Share

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80ත් – 85ක් අතර වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (16) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් විට මෙවර ජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටි 700 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

එමෙන්ම වලංගු හැදුම්පතක් තිබිය යුතු බවත් තාවකාලික හැදුනුම්පත් ලබාදීම නොවැම්බර් මස 9 වන දින වන විට අවසන් කරන බවද ඒ මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ ඡන්ද මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිත කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් ඡන්ද මධ්‍යස්ථාන තුළ දේශපාලනය කතා කිරීමද තහනම් බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට තැපැල් ඡන්ද දායකයින් හය ලක්ෂ 59,514 ‍දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිශන් සභාව පවසයි.

ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය සේවකයින් හත් ලක්ෂ 17,918 දෙනෙකු තැපැල් මගින් ඡන්දය භාවිත කිරීම සඳහා අයදුම්පත් යොමු කර තිබෙන අතර ඉන් අයදුම්පත් 58,404 ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේය.

Read more

Local News