ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති CID භාරයට

Share

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා අද අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඊයේ රාත්‍රී 11.30 ට පමණ ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් නිශ්ශංක සේනාධිපති මහතා මේ වන විට කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන එමින් සිටින බවයි.

ඇවන්ට්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවස්ථාව සළසමින් රුපියල් ලක්ෂ 355 ක අල්ලසක්දීමේ සිද්ධියට අදාළ නඩුවේ දෙවන සැකකරු වන නිශ්ශංක සේනාධිපති මහතාට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

Read more

Local News