අගමැති ජනපති කොමිසම හමුවට යන්නේ නෑ

Share

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ හෙට (18) දිනයේ පෙනී සිටිමට තමන්ට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇත.

යාපනය ප්‍රදේශයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට සිදුව ඇති බැවින් හෙට දිනයේ කොමිෂම හමුවේ පෙනී සිටිය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.

මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරිමේදී වංචාවක් සිදුව ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෙට දිනයේ ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

කෙසේවෙතත් යලිත් වරක් ලබන 23 වන දින පෙරවරු 10.30ට ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවයි ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව සඳහන් කළේ.

අද දිනයේ ලිඛිතව අදාල දැනුම්දීම සිදු කිරිමට නියමිත බව ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය දයා ගමගේ මහතා හෙට දිනයේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.

ඊට අමතරව අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට සහ ධම්මික රණතුංග මහතාට ද ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනි සිටින ලෙස දැනුම්දී ඇත.

Read more

Local News