ගෝඨාගේ තවත් අරමුණක් මෙන්න

Share

නගර සංවර්ධනය සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙලක් දියත් කිරීම තම අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ(16) පැල්මඩුල්ල නගරයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

සුරක්ෂිත රටක් ගොඩනගන බවට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ කොළඹ නගරය දරන ආසියාවේ දියුණු වන නගරය ලෙස පත් කිරීමට තමටා හැකිවූ බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ ආර්ථිකය දියුණු කිරීමට ගොඩගන්න සැලසුම් ඔවුන් සතුව ඇති බවත් එම සැලසුම් ක්‍රියාත්මක කරන්න සුදුසු කණ්ඩායමක් ඔවුන් ළඟ සිටින බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සභාගි වු ජන රැළියක් ඊයේ පැල්මඩුල්ල නගරයේ දි පැවැත් වුණි.

Read more

Local News