ඇල්පිටියේ නිවසකට වෙඩි තැබීමක්

Share

ඇල්පිටිය දෙමටගහ ප්‍රදේශයේ නිවසකට ඊයේ (16) රාත්‍රියේ කිසියම් අයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇත.

ඇල්පිටිය පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ ඊයේ රාත්‍රී 8ට පමණ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට මෙසේ වෙඩි තබා ඇති බවයි.

පිරිසක් විසින් අදාළ ව්‍යාපාරිකයාගෙන් කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා බිය වැද්දීම සඳහා වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පල කරන බව අප වාර්තාකරු ප්‍රකාශ කළේය.

මේ ඇල්පිටිය පොලීසිය විසින් සිදු කළ විමර්ශනයේ දී අදාළ නිවස තුළ තිබී වෙඩි තැබීමට යොදා ගත් පතොරම් කොටස් හමුවී ඇති අතර පොලීසිය සැක කරන්නේ පිස්තෝල අවියක් යොදා ගනිමින් අදාළ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවයි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට විශ්වාස කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News