මනුෂ්‍ය ඝාතන සැකකරුවන් 6ක් ගල්කිස්සේ දී අත්අඩංගුවට

Share

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙක් ගල්කිස්ස කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(16) දහවල් මොවුන් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

පසුගිය 2019.09.02 වන දින ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන සිල්වෙස්ටර් පාර පාලම, අසල දී පුද්ගලයින් දෙදෙනෙකුට පිහිවලින් ඇණ තුවාල සිදුකර එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 6 දෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු  17, 18, 19, 22 හා 31 යන වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පොලීසිය පවසයි.

සැකකරුවන් අද(17) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News