නාවලපිටියේ වෙළඳසැලක් සම්පුර්ණයෙන්ම ගිනිගනී

Share

නාවලපිටිය ප්‍රදේශයේ වෙළඳසැලක හටගත් ගින්නකින් එම වෙළඳසැල සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි.

නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ ගොන්දෙන්නාව ප්‍රදේශයේ වාහන අමතරව කොටස් හා ලිහිසි තෙල් අලෙවිසැලක මෙම  ගින්න හටගෙන තිබුණි.

ඊයේ(16) රාත්‍රි 11.00ට පමණ ගින්න හටගෙන තිබු අතර ප්‍රදේශවාසින් සහ නාවලපිටිය පොලීසිය එක් ව පැතිර යමින් තිබු ගින්න පාලනය කිරීමට සමත් වූ බව අප වාර්තාකරු පවසයි.

ගින්න පාලනය කරන විට එම වෙළඳසැලට ගින්නෙන් දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති බව ගින්න පිළිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලීසිය පැවසුවේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.

නාවලපිටිය නගර සිමාවේ මෙවැනි හදිසි ගින්නක් ඇති වු අවස්තාවකට ගිනි නිවිමේ ඒකකයක් නගර සභාව සතු නොමැති බවත්, හදිසි ගින්නක් ඇති වු විට මහනුවර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහය ලබා ගැනීමට සිදු වන බව නාවලපිටිය ප්‍රදේශවාසින් පවසයි.

Read more

Local News