ආදර්ශමත් චරිත බිහිවීම අත්‍යවශ්‍ය බව ජනපති කියයි

Share

මෙරට දේශපාලනය තුළ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා වැනි ආදර්ශමත් චරිත බිහිවීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ 50වන ගුණ සමරු උත්සවයට ඊයේ පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම අධ්‍යාපන අමාත්‍ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ 50වන ගුණ සැමරුම ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතික විද්‍යුත් ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය හා ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේ දී කන්නන්ගර මහතා විසින් 1945 සම්මත කළ ඓතිහාසික නිදහස් අධ්‍යාපන පනත සහ එතුමා විසින් මෙරට දී හා විදේශවලදී කළ දේශන හා ලිපි ඇතුළත් “නිදහස් අධ්‍යාපනයේ පුනරාවලෝකනය”ග‍්‍රන්ථය ද ප‍්‍රකාශයට පත්කරනු ලැබුවේය.

Read more

Local News