ජනපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 762ක්

Share

ජනාධිපතිවරණයට අදාලව ගත වූ දින 09 තුළ පැමිණිලි 762ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධ පැමිණිලි 733ක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඊයේ පස්වරු 04.00න් අවසන් වූ පැය 24 තුළ පමණක් පැමිණිලි 89ක් ලැබී ඇති බව සඳහන්.

මේ අතර ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ නීති උල්ලංඝණයකිරිම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ආයතනය වෙත ද පැමිණිලි 33ක් ලැබී ඇත.

රජයේ වාහන හා ගොඩනැඟිලි මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම, පත්විම්, ස්ථාන මාරුවීම් සහ උසස්වීම් ලබා දීම, රජයේ නිලධාරින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම ඇතුළු පැමිණිලි ඒ අතර වන බවයි එම ආයතනය සඳහන් කළේ.

Read more

Local News