2020 අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සුබ ආරංචි රාශියක්

Share

2020 සඳහා වන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජාතිය වෙනුවෙන් සුබ ආරංචි රාශියක් ගෙන ඒමට නියමිතයි බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, ඊයේ(16) නෙළුම් පොකුණ, මහින්ද රාජපක්ෂ ශාලාවේ පැවති උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වහයෙන් සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා මේ බව පැවසීය.

“2015 අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති අපේක්ෂිත යහපාලනය, පැවති යම් යම් අඩුපාඩු හේතුවෙන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අපහසු වුණා.

අපහැදිලි දෘෂ්ටි කෝණයකින් රටේ ප්‍රගතිය සීමා වුවද, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත් ධනාත්මක පියවරයන් අගය කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු යහපාලනයේ ජීව රුධිරයයි.

ආර්ථික දෘෂ්ටි කෝණයකින් යහපාලනයේ ප්‍රතිපල අපට සම්පූර්ණයෙන් අත්කර ගැනීමට නොහැකි වූ හෙයින්, ඊළඟ වාරය තුළ අපේම ජනාධිපතිවරයෙක් සහිත අපේම ආණ්ඩුවක් තුළින් එසේ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

2020 සඳහා වන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජාතිය වෙනුවෙන් සුබ ආරංචි රාශියක් ගෙන ඒමට නියමිතයි. එම ප්‍රතිපත්ති ප්‍රකාශය යහපත් හෙට දවසක් සඳහා ජාතියේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බව  විශ්වාසයි. නොවැම්බර් 17 වනදා සිට අප ගමන් කරන ආර්ථික සමෘද්ධිය සඳහා මාවත එයයි”

Read more

Local News