පොලීසියෙන් විශේෂ දැනුම් දීමක්

Share

අනන්‍යතාවය තහවුරු නොවන ආකාරයෙන් සැකකටයුතු ලෙස මාර්ගවල නවතා යන වාහන සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එවැනි වාහනයක් හමුවුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව පූර්ණ පරීක්ෂා කිරීමක් සිදු කරන බවයි.

එවැනි අපහසුතා වළක්වා ගැනීමට වාහනය නවතා තැබීමේදී පිටතට පෙනෙන අයුරින් දුරකතන අංකය සහ නම සටහන් කර තබන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා යළි සිහිපත් කළේ ය.

Read more

Local News