ප්‍රේමදාස පුතාට රට ගොඩ නගන්න ඒ ඓෙතිහාසික වරම දෙන්න

Share

තමා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව කිසිදු විදේශීය බලවේගයකට යටත් නොවන ආකාරයට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මහව දිගන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවකට සහභාගීවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනරැලියක් ඊයේ(16) වාරියපොළදී පැවැත් විය.

මෙහිදී අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, පොඩි පොඩි අඩුපාඩුකම් තිබු බවයි.

ජනතාව රස්සාවක් ඇවිල්ලා ඉල්ලු විට එය ලබා දිය නොහැකි බවත් පැවසු ඒ මහතා, යහපාලනය ගෙන ආපු වේගය වැඩ බවත්, තමන්ගේ මිනිස්සුන්ට වැඩ කරලා දීලා පසුව එය ගෙන ඒමට තිබු බවත් පැවසීය.

ගෝල්ෆේස් පිටියේ රැස්වීමට පැමිණීමට පෙර පැයක කාලයක් තමා සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කළ බවත් පැවසු ෆොන්සේකා මහතා, ඒ මොහොතේ තමාට සජිත් ප්‍රේමදාස මහතා ඉතා සුන්දර පුද්ගලයෙක් බව වැටහී ගිය බවද සඳහන් කළේය.

ඒ මොහොතේ වැඩියෙන්ම අවධානය යොමු කළේ දරුවන් ගැන හා බිරිඳ ගැන බවත් පැවසු ඒ මහතා, තලතා අතුකෝරාල හා චන්ද්‍රානි බණ්ඩාර වැනි අමාත්‍යවරියන් සජිත් ප්‍රේමදාස මහතාට “පණ දෙන්න වගේ ඉන්නේ ඒක නිසා තමයි“ යනුවෙන් ද පැවසීය.

මෙම අවස්ථාවට එක් වු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, තමා ද ඉදිරියේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වීමට කටයුතු කරන බවයි.

එය දෙස බලාගෙන තමාගේ ප්‍රතිවාදියාට හොඳ පාඩමක් ඉගෙන ගන්නා ලෙසත් සඳහන් කර සිටි අමාත්‍යවරයා, මාධ්‍යවේදීන් අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට තමා සුදානම් බවයි.

රටට යකඩ නායකත්වයක් අවශ්‍ය බවත් පවසා සිටි ප්‍රේමදාස මහතා, ඒ අයෝමය නායකත්වය තමා ලබා දීමට සුදානම් බවත් කියා සිටියේය.

අනතුරුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහව, දිගන ක්‍රීඩාංගනයේ පැවතති ජන හමුවකටද සහභාගී විය.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ, පසුගිය ආණ්ඩු කාලයේ රටේ ප්‍රවෘත්ති කර්තෘවරුන් බොහෝමයක් ඝාතනයට ලක්වු බවයි.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක් වුයේ හොර ගනුදෙනුවක් ගැන හෙළිකිරීම නිසා බවද පැවසු අමාත්‍යවරයා, සරත් ෆොන්සේකා මහතා මෙම සිදුවීම ගැන තමාට වඩා දන්නා බවත් පැවසීය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතාව අමතමින් කියා සිටියේ, කිසිදු රටක් ඉදිරියේ ලංකාව දණ නොගසන බවයි.

කේශර සිංහ ලිලාවකින් මේ රට ශක්තිමත් ජව සම්පන්න දේශයක් බවට පත් කිරීමේ වගකීම ප්‍රේමදාසගේ පුතා ලෙස තමා බාර ගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ආදරණීය ජනතාවගේ හදවතේ ඇති දුක ගැන තමාට දැන ගත යුතු බවත් පැවසු ඒ මහතා, ඒ නිසා සෑම මැතිවරණ කොට්ඨාසයකටම පැමිණ මහන්සි නොබලා තමා කථා කරන්නේ රට ගොඩ නැඟීමට බවත් කියා සිටියේය.

තම පියාට ශක්තියක් වු ආකාරයෙන්ම මෙවර ප්‍රේමදාස පුතාට රට ගොඩ නැඟීමට ඒ ඓතිහාසික වරම ලබා දෙන ලෙස ද ඒ මහතා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read more

Local News