සජිත් අනුරාධපුරට

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (17) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පූජනීය ස්ථාන වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේවෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා ආගමික වතාවත්වල නිරත වී තිබේ.

අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් සජිත් ප්‍රේමදාස මහතා,ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙතපැමිණ මල්, පහන් සහචීවර පූජා කර ආගමික වතාවත් සිදු කළේය.

රුවන්වැලි මහා සෑය වෙත පැමිණි එතුමා එහිදී ද ආගමික වාතවත්වල නිරත විය.

අනතුරුව අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන වෙත පැමිණි සජිත් ප්‍රේමදාස මහතා එහි විහාරාධිපති පූජ්‍ය අටභාගේ විමලඥාන නාහිමියන් ප්‍රධාන සහා සංඝරත්නය බැහැ දුටුවේය.

පසුව සජිත් ප්‍රේමදාස මහතා අනුරාධපුර, ඉසුරුමුණිය රජමහා විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය මතව ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉසුරුමුණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මතව ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ විසින් මෙහිදී කෙටි අනුශාසනාවක්ද සිදුකළහ.

මෙම අවස්ථාවට චන්ද්‍රානි බණ්ඩාර සහ පී. හැරිසන් යන අමාත්‍යවරුන් ඇතුළු විශාලපිරිසක් එක්ව සිටියහ.

Read more

Local News