ඇල්පිටියේ වෙඩි තැබීමට හේතුව මෙන්න

Share

ඇල්පිටියේ සිදුවූ වෙඩි තැබීමට හේතුව ව්‍යාපාරිකයෙකු කප්පම් නොදීම හේතුවෙන් වෙඩි තබා බිය ගැන්වීමක් බවට විමර්ශනයේදී තොරතුරු හෙළිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ (16) මෙම වෙඩි තැබීම දෙමටගහකන්ද, කරන්දෙණිය ප්‍රදේශයේදී සිදුවිය. මෙම වෙඩි තැබීමෙන් ජීවත හානි හෝ තුවාල සිදුව නොමැති බවත් යතුරු පැදියකින් පමිණි නාඳුණන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය මූලස්ථාන පොලීසිය පරීක්ෂණ කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read more

Local News