මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවලපවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් විශේෂයෙන්ම බස්නාහිර,මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල අද සහ හෙට දිනයන්හිදී බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන්ම සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කළුතර, කෑගල්ල , රත්නපුර, කුරුණෑගල, පුත්තලම, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැක.

කොළඹ, මාතලේ, නුවරඑලිය, අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News