කම්කරු කොංග්‍රසයේ සහාය පොහොට්ටුවට

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර අවබෝධතා ගිවිසුමකට අද පෙරවරුවේ අත්සන් තබා තිබේ.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයදීම සඳහායි.

ගිවිසුමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පිරිස් සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් නායක ආරුමුගන් තොණ්ඩමාන් යන මහත්වරුන් අත්සන් තැබූහ.

ඒ සඳහා වන උත්සවය කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත් විය.

Read more

Local News