දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්

Share

අධික වර්ෂාව සමග රත්නපුර, බදුල්ල, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවලට නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

එම නිවේදනය අද පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ, ඒ පිළිබඳව අදාළ දිස්ත්‍රික්කවල ඉවුරු හා කණ්ඩි අශ්‍රිතව ජීවත් වන ජනතාව විමසිලිමත් විය යුතු බවයි.

මේ අතර අධික වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අඩිය බැගින් විවෘත කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන් තත්පරයට ඝන අඩි 5500 ක් මුදා හැරෙන බවයි.

කළුතර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 100 – 150 ත් අතර ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News