නව ඡන්ද පෙට්ටි 5000 ක් නිපදවීමට පියවර

Share

මෙවර ජනාධිපතිවරණය සඳහා නව ඡන්ද පෙට්ටි 5000 කට අධික සංඛ්‍යාවක් නිපදවීමට සිදුව ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඒ, ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක් දිගුවීම හේතුවෙනි.

එක් ඡන්ද පෙට්ටික දැමිය හැකි ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව සීමා වීම මෙලෙස ඡන්ද පෙට්ටි අලුතින් තැනීමට සිදු වූ බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

අප කළ විමසීමකදී එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පරිසර හිතකාමී ක්‍රමවේදයකට දේශීයව මෙම ඡන්ද පෙට්ටි නිපදවන බවයි.

Read more

Local News