කිසිඳු රජයකට වෙනස් කළ නොහැකි පනතක් ගැන සජිත් කියයි

Share

තම රජයක් යටතේ වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදෙන බවත් එය කිසිඳු රජයකට වෙනස් කළ නොහැකි පරිදි පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අනුරාධපුර තඹුත්තේගම නගරයේ ඊයේ පැවති ජනරැලියකට එක්වෙමින්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය කරමින් පවත්වන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ තඹුත්තේගම නගරයේදී පැවැත්වුණි.

රටේ ගොවි ජනතාව වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීමට තමන් ජනාධිපති ධුරයට පත්වු පසුව කටයුතු කරන බව පැවසු ඒ මහතා ජනාධිපති කාර්ය සාධක බලකාය තුළින් රටේ හැම ගොවි ජන කේන්ද්‍රයකම ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික සංවර්ධන ඒකකයක් ස්ථාපනය කරන බවත් ප්‍රකාශ කළේය.

තමන්ගේ ප්‍රතිවාදීන් කතා කළේ වී ගොවිතැන ගැන පමණක් බව ප්‍රකාශ කළ ඒ මහතා ඔවුන්ට අතුරු බෝග වගා කරන, පළතුරු වගා කරන,හේන් ගොවිතැන් කරන ගොවියා අමතක වු බවත් පැවසීය.

එසේම තමන් කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම උදෙසා රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන බවත් කියා සිටියේය.

තමාට ජනාධිපති ධුරය ලබාදුන් පසුව මාස 6ක් ඇතුළත කලා වැව මැතිවරණ කොට්ඨාශයේ වන අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

Read more

Local News