රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමක

Share

සියළු දෙනාගේ අවධානය ජනාධිපතිවරණය වෙත යොමු කරවා ඇති අවස්ථාවක රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මේබව සඳහන් කළේය.

රටේ ඇතිව තිබෙන අර්බුදය පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකොට ජනාධිපතිවරණය කරළියට පැමිණ ඇති බවත් මේ හේතුවෙන් ආර්ථිකය විශාල ලෙස කඩා වැටීමකට ලක්ව ඇති බවත් ඒ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කවුරු බලයට පැමිණිය ද මෙම ආර්ථිකයේ සම්පූර්ණ බර ජනතාව මත පැටවීමට නියමිත බවත් ඒ මහතා කියා සිටියේය.

මේ වන විට දළ දේශීය නිශ්පාදිතය අඩුම වේගයට පත්ව ඇති බවත් මහ බැංකුව විසින් මෙහි කෘතිම වර්ධන වේගයක් පෙන්වීමට ණය ලබා දීම ආරම්භ කර ඇති බවත් ඔහු පවසයි.

එසේම ප්‍රතිරූපයක් වෙනුවට ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් කුලු ගෙඩිය සළකුණ ඉදිරියේ කතිරය ලකුණු කළ යුතු බවත් පුබුදු ජාගොඩ මහතා කියා සිටියේය.

Read more

Local News