තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Share

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට භාර දීම සිදු කෙරේ.

මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා 659,514 ක් තැපෑලට භාර දෙන බවයි.

තැපැල් ඡන්ද පත්‍රිකා මධ්‍යස්ථාන කරා රැගෙන යාමට හෙට සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරෙන කාල සීමාවේදී තැපැල් කාර්යාල අශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අදියර දෙකක් යටතේ සිදු කෙරෙනු ඇත.

ඒ අනුව රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි තැපැල් ඡන්ද හිමියන්ට ලබන 31 වන දා සහ ලබන මස 01 වන දා තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියි.

ලබන මස 04 වන දා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසියට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 07 වන දා තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදි තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

Read more

Local News