හෙරොයින් සමඟ කතක් අත්අඩංගුවට

Share

හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(17) සවස 3 පමණ මාලිගාවත්ත පොලිස් වසමේ ඛෙත්තාරාම පන්සල අසල දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.

හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 260 ක් සමඟ මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 47 ක් වන අංක 7,ඛෙත්තාරාම පන්සල පාර, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සැකකාරිය අද(18) වන දින මාලිකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News