සජිත්ගේ ඡන්ද පොරොන්දු මෙන්න

Share

පාඩු ලබන, බංකොලොත් වී තිබෙන ශ්‍රි ලංකා එයාර්ලයින් ආයතනයට කෝටි ප්‍රකෝටි ගණන් ජනතා මුදල් ප්‍රදානය කරන බවත් එම මුදල් වලින් ජනතාවට නොමිලේ පොහොර දිය හැකි බවත් එය වරදක්ද ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් බලයට පත් වූ පසු ජනාධිපතිධූරයේ, අගමැතිධූරයේ,අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද අඩුකර එම මුදල් ජනතාවට සහන ලබා දිමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඇතැම් පිරිස තමන්ගේ පොරොන්දු ඡන්ද ලබා ගැනීම සඳහා කළ “ඡන්ද ගුන්ඩු” ලෙස පැවසුවද එය එසේ නොව බවද ඒ අමාත්‍යවරයා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මිහින්තලය නගරයේ පැවැති ජන රැළියට අද (18) එක්වෙමිණි.

එහිදි ඔහු නැවතත් පැවසුවේ සියලුම ගොවීන්ට තම ආණ්ඩුවක් යටතේ නොමිලේ පොහොර ලබා දෙන බවයි.

ගොවි ජනතාවට ලබා දෙන පොහොර මිල ගැන නොදන්නා ප්‍රතිවාදී අපේක්ෂකයා වී ගොවියාට නොමිලේ පොහොර ලබා දෙන බවට ප්‍රකාශ කර ඇති බව

පොහොර සම්බන්ධයෙන් අස්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට පෙර පොහොර සහනාධාරය කුමක්ද කියා ඔහු ඉගෙන ගත යුතු බවත් ඔහු පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“ගොවිජනතාවට පොහොර සහනාධාරය ලබා දෙන මුදලවත් දන්නේ නැති ප්‍රතිවාදී අපේක්ෂකයා සහ හිටපු ජනාධිපතිතුමා රුපියල් 350 ට පොහොර ලබා දෙන බවට පසුගියදා ප්‍රකාශ කළා.

නමුත් ගොවිජනතාව පොහොර මිලදී ගන්නේ රුපියල් 500 ක මුදලට.

350 මුදලට රක්ෂණ ගාස්තු තවත් 150 ක්එකතු වෙනවා.

ඒ මිල වත් දන්නේ නැති පුද්ගලයන් ජනතාවට නොමිලේ පොහොර ලබා දෙන්නේ කෙසේදකියා ප්‍රශ්න කරනවා.

තමන් සියලුම ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දෙනවා.

වී ගොවියා පමණක් නොව, තේ, පොල්, රබර්,පලතුරු, එලවලු, ගොඩබෝග වගා කරන සියලුම ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දෙනවා.

සමහරු හිතනව මේවා ඡන්ද ගුන්ඩු කියලා.පාඩු ලබන, බංකොලොත් වී තිබෙන ශ්‍රි ලංකා එයාර්ලයින් ආයතනයට කෝටි ප්‍රකෝටි ගණන් ජනතා මුදල් ප්‍රදානය කරනවා.

ඒ සල්ලි වලින් ජනතාවට නොමිලේ පොහොර දෙන එක නරකද, තමන් බලයට පත් වූ පසු ජනාධිපතිධූරයේ, අගමැතිධූරයේ,අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද අඩුකර එම මුදල් ජනතාවට සහන ලබා දිමට කටයුතු කරනවා.

ජනතාවට සහන ලබා දෙන්න රටේ සල්ලි ඕන තරම් තියෙනවා.

ඒවා නිසි ලෙස අපි කළමනාකරණය කළයුතුයි. ඉදිරිවසර 2 ක් ඇතුළත වැව්බැදිරාජ්‍යයේ වැව් උදාව ආරම්භ කර පොඩි මිනිසා රජ කරවන ස්වයංපෝෂිත රටක් නිර්මාණය කරනවා.”

මෙමජන හමුවට සරත් ෆොන්සේකා, ඉෂාක් රහුමාන් යන මැති ඇමතිවරුන්ඇතු ළුවිශාල පිරිසක් එක්ව සිටියහ.

Read more

Local News