TNA යෝජනාවලියට සජිත් එකඟද ?

Share

දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියට සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී ඇතිදැයි වහාම රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියට සජිත් ප්‍රේමදාස මහතා කලින් සිටම එකඟ වී ඇති බවත් පක්ෂ 2ටම මෙම යෝජනාවලිය ඉදිරිපත් කරනවාය යන්න අසත්‍යයක් බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ (17) මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේය.

දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ ඇති කරුණුවලට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයෝගය කිසි ලෙසකින්වත් නොලැබෙන බවත් එම යෝජනාවලට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී ඇතිදැයි වහාම රටට හෙළි කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එම යෝජනාවලියේ සඳහන් වන පරිදි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට නම් ඒ සඳහා ජන මත විචාරයකට යා යුතු බව ව්‍යවස්ථාවේම සඳහන් වන බවත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ නම් ඉන් මුස්ලිම් ජනතාවට දැඩි පීඩනයක් එල්ල වන බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News