බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යළි නඩු පවරයි

Share

එංගලන්තයේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳ තනාපතිවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව යළි එරට දි නඩු පවරා ඇති බවට වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ දෙමළ ඩයස්පෝරාවේ මැදිහත්වීම මත එංගලන්ත වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.

ඒ අනුව එංගලන්ත වෙස්ට්මිනිස්ටර් අධිකරණය එම නඩුව අද (18) සිට විභාග කිරීමට නියමිතයි.

පසු ගිය වසරේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී .ඊ හිතවාදීන් පිරිසක් සිදුකළ විරෝධතාවක දි තර්ජනාත්මක හස්ත සංඥාවක් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් පැවරූ නඩුවක දි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට වරෙන්තු නිකුත් කිරිමට එරට අධිකරණය කටයුතු කළ අතර පසුව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත් වීම මත වරෙන්තු ඉවත් කර ගැණුනි.

Read more

Local News