22දා අතිජූජ්‍ය දිමියාවේ අමරවංශ නාහිමිපාණන්ගේ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

Share

මාලඹේ, සුසිතපුර අසෝකාරාමය ඇතුලු විහාර ගණයේ අධිපති සිරි සාසනවංසාලංකාර චන්ද්‍රකීර්ති ශ්‍රී උපාධ්‍යාය අතිපූජ්‍ය ආචාර්ය  දිමියාවේ අමරවංශාභිධාන අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ස්වාමීන්වහන්සේගේ  අනුනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය 22දා පස්වරු 3.00 ට කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක විශාරද මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි ප්‍රමුඛ අතිපූජ්‍ය මහානාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක  කරු ජයසූරිය මහතා ඇතුලු මැති අමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම අක්තපත්‍ර ප්‍රදානෝත්සවය පැවැත්වේ.

Read more

Local News