පුතාණෝ ආවේ අලින්ගෙන් නෙවේ හංසයාගෙන්

Share

2015 වසරේ දී සහරාන් ඡන්දය ලබා දුන් හංසයා ළකුණට නැවත ඡන්දය දීමට ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර සිටියි.

ඒ ඊයේ පස්වරුවේ ගලිගමුවේ පැවැති ජනරැළියකට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“පුතාණෝ ආවේ අලින්ගෙන් නෙවේ හංසයාගෙන්.

සහරාන්ව අත්අඩංගුවට ගන්න කාත්තන්කුඩි පොලීසියේ ඕ අයි සී මහත්තයා උත්සාහ කරනකොට ඒක නතර කලේ රිෂාඩ් බදියුදීන්ලා.

ඒ බදියුදීන්ලා තමා අද පුතාණෝගේ දකුණු අත පැත්තට වෙලා ඉන්නේ.

සහරාන් 2015 දී ඡන්දේ දුන්නේ හංසයාට. මේ පොළොවේ හුස්ම ගන්න කාටද පුළුවන් 2015 දී සහරාන් ඡන්දේ දීපු ලකුණ “හංසයා”ට කතිරේ ගහන්න?

ජාතිය නැවත නිසි මඟට ගන්න නොවැම්බර් 16 වෙනිදා ඡන්ද පොලට ගිහිල්ලා, මව් පොළොව නිසි මඟට ගන්න එක ළකුණක් තියෙනවා, පොහොට්ටුව ලකුණ ඉදිරියෙන් කතිරය ගහන්න.”

Read more

Local News