පොහොට්ටුවේ ප්‍රතිපත්තියක් නෑ – රවී

Share

ප්‍රතිපත්තියක් නොමැති පිරිස් කෙලෙස රටට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේදැයි එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

“ගෙයින් ගෙට – හදවතින් හදවතට” මට්ටක්කුලිය, අලුත් මාවත මැතිවරණ ප්‍රචාරක වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කරයි.

අතීතය අමතක කර කෙසෙ අනාගතයක් ගැන හිතන්නේ ද ලෙසත් මුල අමතක කෙනෙක් කෙසෙ රටට යහපත් අනාගතයක්

නිර්මාණය කරන්නේ ද ලෙසත් අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

දියේ ගහගෙන යන කෙනෙක් පිදුරු ගහක හරි එල්ලෙන්නා සේ ඇල්පිටිය ඡන්දයක් අල්ලගෙන කියවන ලෙසද අමාත්‍යරයා පවසයි.

“පොහොට්ටු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගැන කිසිම සදහනක් කරන්නේ නැහැ.

ප්‍රතිපත්තියක් නොමැති අය කොහොමද ප්‍රතිපත්ති ප්‍රකාශයක් රටට ඉදිරිපත් කරන්නේ.

ඒ වගේම පසුගිය සමයේ ඔවුන් සිදුකල ක්‍රියාවන් ගැන මාධ්‍යයෙන් කරුණු විමසද්දි, ගෝඨාභය මහත්තයා කියනවා අපි පරණ දේවල් අමතක කරලා ඉදිරි ගමනක් යමු කියලා. අතීතය අමතක කරලා කොහොමද අනාගතයක් ගැන හිතන්නේ. මුල අමතක කෙනෙක් කොහොමද රටට යහපත් අනාගතයක් නිර්මාණය කරන්නේ.

මේ කතා වලින්ම පැහැදිළි වෙනවා ඔවුන් ආරම්භ කරලා තිබෙන්නේ ඉදිරියක් නොමැති ගමනක් කියලා. අපි කාගෙත් වැරදි ඇති. ප්‍රශ්න ඇති.

නමුත් අපි ජනතාවට කියනවා, වළදාලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් ස්ථාපිත කරලා රැකගත්තා වගේ, සිදුවූ වැරදි අඩුපාඩු නැවතත් නොවෙන්නට වගබලාගෙන, ඉදිරියේදීත් ජනතාවට බියක් සැකක් නොමැතිව සමගියෙන් සාමයෙන් ජීවත්වීමේ හැකියාවක් ඇතිකරනවා කියලා”

Read more

Local News