ඔරුව පෙරළීමෙන් කාන්තාවක් මරුට

Share

නිල්වලා ගගේ ඔරුවක් පෙරළීමෙන් අද පෙරවරුවේ කාන්තාවක මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගගෙන් එගොඩ වීම සඳහා 3 දෙනෙකු ඔරුවේ ගමන් කර ඇති බව ය.

ඔරුව පෙරළීමෙන් කාන්තාව මිය ගිය අතර තවත් දෙදෙනෙකු බේරා ගෙන තිබේ.

මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි නාවිමන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක ය.

Read more

Local News