මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්, විශේෂයෙන්ම බස්නාහිර,මධ්‍යම, සබරගමුව දකුණු, ඌව සහ වයඹ පළාත් වල අද දිනයේදී බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන්ම සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දකුණු පළාතේ උදෑසන කාලයේදීද වැසි ඇතිවේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,වයඹ සහ දකුණු පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී.100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැක.

සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.75 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News