ජාතික ලැයිස්තුවෙන් ආසනය ගත්ත එකාට පුදුම උජාරුවක් ඇවිල්ලා

Share

2015 දී හිස්බුල්ලා මහතාගෙන් තම පාක්ෂිකයින්ට සිදු වූ  හිරිහැර සෙයා බැලීමට ගිය අවස්ථාවකදී ත්‍රස්තවාදී සහරාන් එම හමුවට පැමිණ ඇති බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

පසුගිය දිනයන්හි මාධ්‍ය මගින් හෙළි කළ වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පත් නාගරික සංවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව පැවසීය.

නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ වෙනුවෙන් ඊයේ (19) සවස අකුරණ නගරයේ පැවැති  ජන රැළියක් අමතමින් අමාත්‍ය හකීම් මහතා එසේ ප්‍රකාශ කළේය.

ඊයේ දින මාධ්‍ය මගින් ඉදිරිපත් වූ එම වීඩියෝව පිළිබඳව තව දුරටත් අදහස් දැක්වූ හකීම් මහතා ,

“අප්‍රේල් 21 වනදා සිදු වූ සිදු වීමෙන් පසුව මුස්ලිම් ජනතාව විශාල කම්පනයකින් ඉන්නේ.අපේ ප්‍රජාව තුල හැංගී ඉඳගෙන ඒ ම්ලේච්ඡ නින්දිත ක්‍රියාව කරපු ඒ වගේ ත්‍රස්තවාදීන් නැවත වාරයක් හිස එසවීමට ඉඩ නොදීමට අපේ සමාජය අධිෂ්ඨානයෙන්  ඉන්නවා.

මම මුස්ලිම් ජනතාව වෙනුවෙන් කියනවා මේ රටේ බුද්ධි අංශය හමුදාව පමණක් නෙවෙයි අපේ මුස්ලිම් ප්‍රජාවම අවදියෙන් සිටිනවා අපි අතරින් නැවත වාරයක් කවුරු හරි  යම් අන්තවාදී අදහසක් තියෙන එකෙක් එහෙම අදහසක් පළ කරන්න ආවනම් ඌව අල්ලලා එක හෙළාම නැත්තකම නැති කරල දාන්න.

ඒ ක්‍රියාව අපිම කරනවයි කියන එක  මම ප්‍රකාශ කරනවා.ඊයේ විද්‍යුත් මාධ්‍යයෙන් සමහර අය  දැකින්න  ඇති ඔන්න 2015 ගත්ත වීඩියෝ පටයක් කියලා   අර සහරාන් මම යන තැනට  ඌත් ඇවිල්ල රිංගන එක දැකලා ඔන්න මාත් සහරාන් එක්ක  ඇසුරු කළයි කියලා කතාවක්  කියන්න  හදනවා.

මම ඉතාම පැහැදිලිවම කියන්න ඕන මේකේ වට පිටාව.කාත්තාන්කුඩි ප්‍රදේශයේ දේශපානයේ යෙදෙන මේ රටේ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂයක් හැටියට  අපි අෂ්රෆ් ඇමතිතුමාගේ කාලයේ ඉඳලා  නැගෙනහිර පළාතේ දැවැත්න පක්ෂයක් හැටියට ගිය මහ මැතිවරණයේදී අපට ආසනයක් ලබා ගන්න පුළුවන් වුණා.

එක්සත් ජාතික පක්ෂයටත් ආසනයක් ලැබුණා දෙමළ සන්ධානයට ආසන තුනක් ලැබුණා.

මඩකලපුව දිස්ත්‍රික්කයට ආසන පහයි.එයට පෙර තිබුණු ජනාධිපති මැතිවරණයේදී  රාජපක්ෂ මැතිතුමාට සහාට දුන්නා හිස්බුල්ලා මැතිතුමා.

ජනාධිපති මැතිවරණය පැරදුනහම පාර්ලිමේන්තු මැතිවරණයේදී එතුමා පැරදුනා.පැරදිලා පස්ස දොරින් ගිහිල්ලා  අපේ වර්තමාන ජනාධිපති තුමාගේ කකුල් දෙක ළඟ වැටී ආයාචනා කරලා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා ගත්තා

ජාතික ලැයිස්තුවෙන් ආසනය ගත්ත එකාට පුදුම උජාරුවක් ඇවිල්ලා මිනිහා අපේ පාක්ෂිකයින්ගේ ගෙවල්වලටත් කඩවලටත් ගිනි තියන්න  පටන් ගත්තා .

අඩන්තේට්ටම් කරන්න පටන් ගත්තා. ඉන් පස්සේ මට යන්න සිද්ධ වුණා කාත්තාන්කුඩියට අපේ ආධාරකරුවන්ගේ තත්වය බලල අස්වැසිල්ලක් ලබා දෙන්න .ඒ අස්සේ මේ සහරානුත් රිංගගෙන. ඒකට මම මොනව කරන්නද?

දේශපාලන නායකයෙක් ඒ වගේ ප්‍රශ්නයකට තැනකට ගියමහ  කවුරු එනවද  මොනව කරනවද කියල අපි දන්නවාය අපි දන්නවාද ඌ ත්‍රස්තවාදියෙන් වෙයි කියලා”

Read more

Local News